ව්‍යවසායකත්වය 03 - ව්‍යවසායකයා හා අවස්ථව

ව්‍යවසායකයා හා අවස්ථව අවස්ථාව යනු සමාජය තුල පවතින්නාවූ ඉතා ආකර්ශනීය, යමෙකු උද්දිපනය කල හැකිවන හා යමෙකු තුල ඒ තුලින්වා ධනාත්මක සිතුවිල්ලක් පහල කරවන වාසිදායක තත්වයන් සමූහයකි. එසේම මේවා නව නිෂ්පාදනයක් හෝ ව්‍යාපාරයක් සඳහා අවශ්‍යතාවයක් නිර්මාණය කරයි. එසේම ව්‍යවසායකත්වය යනු එසේ හදුනාගත් තත්වයන් සමුදාය හෙවත් අවස්ථාවන් සදහා අනාගත දැක්මකින් හා පරිසරයට සංවේදී වීම තුලින් නව ව්‍යාපාර අදහස් උතපාදනය කිරීම හා එම අදහස් ව්‍යාපාර අවස්ථා බවට බත් කිරීමත්, නිර්මාණශීලි චින්තනය ඔස්සේ නව්‍යතා හදුන්වාදිමත්, මොනයම් හෝ අවදානමක් දරමින් එම නව්‍යතාවයන් වෙළදපොල වටිනාකමක් බවට පත්කිරීම යන මනෝභාව ත‍්‍රිත්වයේ අඛණ්ඩ ක‍්‍රියාවලියවේ. ව්‍යවසායකයින් අවස්ථාවන් ගැනීම සදහා පෙළබෙන්නේ ඒවා තම ව්‍යාපාර රාජධානිය ගොඩනැගීමට වඩාත්ම සුදුසු විකල්පය ලෙස ඔවුන් දකින බැවිනි. එබැවින් අවස්ථාවන් නිතරම ව්‍යවසායකයින් හට ඔවුන්ට ව්‍යාපාර කිරීමට බල කෙරෙන අතරම ඔවුන් අවස්ථාවන් ග‍්‍රහණය කර නොගන්නේ නම් කිසි දිනෙක තම ව්‍යාපාර සංවර්ධනය කිරීමේ අභිලාශයක් ඇති වන්නේද නැත. අපගේ ඉලක්කය අවස්ථා ව්‍යවසායකයෙක් වීමට නම් නිසි අවස්ථාවක් වෙනුවෙන් ව්‍යාපාරයක් ආරම්භ කර එය හොඳින් වර්ධනය කර ගැනීමේ සැලසුමකින්, තමා නිතරම වෙනස්ව සිතමින් වෙනසට භාජනය වන වෙනසක් කරවන ”වෙනස් කිරීමේ නියෝජිතයෙකු” ලෙස ප‍්‍රශස්ථ මට්ටමක සිට අවධානම් දරමින්, තම භූමිකාව සිදුකල යුතුය. එසේම ව්‍යාපාරික අවස්ථාවක් හදුනාගෙන එය නවෝත්පාදන චින්තනයක් තුළින් ප‍්‍රායෝගික ව්‍යාපාරයක් බවට පරිවර්තනය කරමින් අවදානම් සහගත ලෙස කටයුතු කරමින් ව්‍යාපාර ලාභ ලැබීමම අරමුණු කලද ව්‍යවසායකයා නිතරම තම අවට සමාජයේ යහපැවැත්ම හා සංවර්ධනය කෙරෙහි වගේම පරිසරයේ ආරක්ෂාව වෙනුවෙන්ද සුපර්ක්ෂාවෙන් කටයුතු කිරීම සිදුකල යුතුවේ. ව්‍යවසායකත්ව අවස්ථාවන් යනු නව නිෂ්පාදන, සේවා, අමුද්‍රව්‍ය සහ සංවිධානාත්මක ක‍්‍රම ඔවුන්ගේ නිෂ්පාදන පිරිවැයට වඩා වැඩි මිලකට හඳුන්වා දී අලෙවි කළ හැකි අවස්ථාවන්වේ. ව්‍යවසායකයින් හට අවස්ථාවන් හඳුනාගෙන ඒවා සාර්ථක ව්‍යාපාරයක් බවට පත් කිරීමට නම් එකී අවස්ථාවන් තුල ”ආකර්ශනීය භාවය”, ”කල් පවතින බව”, එහි ”කාලෝචිත බව” හා ”එකී අවස්ථාව හෝ එහි අවසන් නිෂ්පාදනය හෝ සේවාව එහි ගැනුම්කරුට හෝ අවසන් පරිශීලකයාට හොද වටිනාකමක් ලබා දෙන්නෙද” යනවග පිලිබදව සොයා බැලිය යුතුය. මෙම සිව් කරුණු හොඳ අවස්ථාවක් තුල ඇති කැපිපෙනෙන ලක්ෂණ වේ. එසේම තවද අවස්ථාවන් කිසියම් වූ නව නිෂ්පාදනයක්, නව වෙළඳපොලක්, නව ද්‍රව්‍යයක්(භැඅ ඵ්එැරස්කි* ලෙස මෙන්ම කිසියම් වූ නව නිෂ්පාදන ක‍්‍රමයක් හෝ නව ක‍්‍රියාවලියක් (ඡුරදජැිි* ලෙස මෙන්ම කිසියම් වූ අවස්ථාවක් උදෙසා නව සංවිධානයක්(ධරට්බස‘්එසදබ* ලෙසද අවස්ථාව වර්ග 6කින් යුක්ත වේ. සමස්තයක් ලෙස සලකන කල අවස්ථාවන් නිර්මාණය වීමට පාදක වන ප‍්‍රභවයන් ලෙස ”සමාජය තුල විවිධ වූ කාල සිමාවන් තුල ඇති වන්නාවූ නැමියාවන්එනම් ආර්ථික, සමාජය හා සංස්කෘතික ප‍්‍රවණතාද, තාක්ෂණික ප‍්‍රවණතා හා දේශපාලන (නෛතික / නියාමන* ප‍්‍රවණතා ආදිය.* ”සමාජය තුල තිනේන්නාවූ හෝ පැනනගින/පැනනැගිය හැකි ගැටළුවක් හෝ ඊට පිළියමක් ලෙස”ද(යම් යම් සේවා හෝ නිෂ්පාදන වෙනුවෙන් ”සම්පත් ලබා ගැනීමේ හැකියාවන්” මතද, සාමාන්‍ය ලෙස පවතින්නාවූ දෙයක් නව නිෂ්පාදනයක්/සේවාවක් ”වෙනස් ලෙස ඉදිරිපත් කිරීමක්” ලෙසද. සමාජය තුල පවතින්නාවූ විවිද වූ හිඩැස් හා පරතරයන්(පිරවීමට ගන්නා උත්සහයන් සේම ව්‍යවසායකයින්ටම අවෙනික ගති ලක්ෂණ නිසාද අවස්ථාවන් නිර්මාණය වේ. (එනම් රාමුවෙන් පිටත සිතමින් සම්මතයට පිටින් යමින් විශ්ම ජනක ලෙස කටයුතු කරන ,ෑකදබ පමින, ල,ඍැජය්රා ඊර්බිදබ, වැනිව සිතන ව්‍යවසායකයින් නිසා ඇතිවන නව්‍යතාවයන් අදිය* ව්‍යවසායක්යින්ට සෑම ගැටලූවක්ම දීප්තිමත් වෙස්වළාගත් අවස්ථාවක් වෙති. එනම් තමාට අවශ්‍ය වෙබ් අඩවික් හෝ ස්ථානයක්, දෙයක් හෝ ආයතනයක් සොයා ගැනීමට ඇති නොහැකියාව වෙනුවෙන් බිහිවූ ශ්්‍යධධ ඨදදටකැ වැනි සමාගම්ද පරිගණකවල ආරක්ෂාව වෙනුවෙන් බිහිවූ ප‍්‍රති-වයිරස වැඩසටහන්ද ගැටළු විසදුම් අවස්ථා සදහා කදිම උදාහරණ වේ. අදහසක් යනු සිතුවිල්ලක්, හැඟීමක් හෝ සංකල්පයක් වන අතර එය අවස්ථාවක නිර්ණායක සපුරාලන්නේ නැති අතර බොහෝ ව්‍යාපාර අසාර්ථක වන්නේ ඒවා ආරම්භ කළ ව්‍යවසායකයින් වෙහෙස මහන්සි වී වැඩ නොකළ නිසා නොව සැබෑ අවස්ථාවක් හදුනාගත නොහැකි නිසාවෙනි. එබැවින් ව්‍යාපාරික අදහසක් ක‍්‍රියාත්මක කරවීමට පෙර, එම අදහස අවශ්‍යතාවයක් සපුරාලන්නේද යන්න වග හා අවස්ථාවක් සඳහා වන නිර්ණායක සපුරාලන්නේද යන්න තේරුම් ගැනීම ඉතා වැදගත්ය.

No comments:

Post a Comment

ggggg

MADHURI DIXIT IS IN LOVE WITH MANIKE MAGE HITHE

  MADHURI DIXIT IS IN LOVE WITH MANIKE MAGE HITHE Madhuri Dixit is in love with Manike Mage Hithe and this video is proof. “Coz I love this...

ppppppppppp