ව්‍යවසායකත්වය 01-ව්‍යවසායකත්වය යනු කුමක්ද?
ව්‍යවසායකත්වය යනු කුමක්ද?
ආදී මානවයාගේ දක්වා මානව වර්ගයාගේ පැවැත්ම රැදී පැවතීමට ප්‍රධානතම හේතු සාදකයක් ලෙසට මිනිසාගේ චින්තන ශක්තිය පෙන්වා දිය හැකිය.
ඉතා අසීරුවට දඬු හෝ කැබලි ගල් දෙකක් සීරුවට පිරිමැද අවුලූවාගත් ගින්දරින් කුසට අහරද ආරක්ෂාවද සලසා ගත් මිනිසා මේ වනවිට ඇසිල්ලකින් මුළු ලොවම දවාලීමට තරම් ජගතෙකු වී හමාරය. එසේම රෝදය සොයා ගනිමින් අරුම පුදුම හරඹයක යෙදුන මිනිසා විශ්මජනක ලෙස කාර්මික ලොවකට අතවැනීය.
ශ්‍රී ලංකව ගත කලද අපගේ අතීත ශ්‍රී විභුතිය කියාපාන්නාවූ ලෝකයාටම විශ්මය ගෙනදෙන මහා සාගරය පරයන වැව් අමුණුද, අඟළට හැතැම්මක් බසින්නාවූ ඇළවල්ද, අහස්කුස පරදාලන මහා දාගැබ් වහන්සේලාද, අනුරපුර, සීගිරි නගර නිර්මාණයන්ද, පොළොවින් ඉහලට ලෙලදෙන සීගිරි පර්වත මස්ථකයේ ඇති ජල රටාවන් හා මිහින්තලා රෝහල් නටබුන් ආදිය, පුරාතන ඊජීජතු පිරමිඩ ශිෂ්ඨාචාරයන් හටද චීනමහා ප්‍රකාරයන් වැනි නිර්මාණයන් හට නොදෙවෙනිව කියාපාන්නේ අපගේ අතීත හෙලයාගේ නිර්මාණශීලි චින්තන ශක්තියමවේ.
එසේම ඉබ්බන්කටුව වැනි පුරාවිද්‍යාත්මක ස්ථාන වලින් සොයාගැනීමට සමත් වූ (මෙගලිතික් සුසාන භූමිය- ක්‍රි-පූ 750 - 400* විවිධ වූ පබළු, මාල, මැටි මුට්ටි, යකඩ, තඹ සහ රන් කෞතුක වස්තුන් ආදින් මගින් එතරම් ඈත කාලයක අප දේශය පටන්ම ශස්ශ්රිකව පැවති බවත් හා සොයාගත් සමහර මාලවල ඇති මැණික් ගල් ශ්‍රී ලංකාවේ දක්නට නොලැබෙන බව තහවුරු වීමෙන් අපට සිතිය හැකි වන්නේ පෙර හෙළය ලංකාවෙන් පිටත දෙශයන් සමගද වෙලහෙළදාම් සිදු කර ඇති බවයි. එසේම විජයාවතරණය සිදුවන විට යක්ක කුමරියකවූ කුවේණිය කපුකටිමින් සිටි බවද ඉතිහාසයේ සදහන් වේ.
තවද පුරන ලංකා ඉතිහාසයේ පැරණිතම විශිෂ්ට පාලකයන් වන මාලය්යවන්ත මාළි සුමාලි යනුවෙන් රජවරු සිටි බවටත් සුමාලි රජුගේ මුණුබුරන් වූ මහා රවණයන් මුළු සක්වළ ම කැලැබූ දසවිද ශිල්පයන්ගෙන් අග තැම්පත් සක්විති රජෙකු සිටි බවත් ඔහුට මායාදනව නම් නව නිපැයුම්කරුවෙන් සිටි බවටත් දඩු මොණරය හා පුෂ්පක නම් වූ ගුවනින ගමන් කල හැකි යානාවන් භාවිත කල වගත් විශ්මජනක උමන් මාර්ග තාක්ෂණයක් භාවිත කල වගත් විදෙස් සහයන් ගෙන් සුමාලි රජුගේ මලිගය පැහැරගන්නා කුවේරයන් එහි අලකමන්ධව ගොඩ නැගු බවටත් ඒ සියල්ල පරජය කරමින් රාවණයන් සිව්හෙලයම එක්සේසත් කෙරු බවටත් රවුල් සොයුරු විභීෂණ කුමරු වෙළදාම හා සම්බන්ද නාවික කටයුතු භාරව ක්‍රියා කල බවටත් කියවේ.
එසේනම් සීගිරිය යනු කාශ්‍යප රජුගේ නිර්මාණයක් නොව ඊට බොහෝ පෙර අප හෙලයන්ගේ අභීත නිර්මාණයක් බව පෙන්වාදිය හැකිය. ලෝක උරුමයක් වන සීගිරිය කාශ්‍යපගේ ධූරකලය තුල සාදා නිම කිරීම කල නොහැක්කක් බව සිගිරිය නගර නිර්මාණය විමසන විට නගර නිර්මාණය පිළිබදව ගවේෂණය කරන විදෙස් ගෘහ හා පුර විද්‍යාඥයින් පවසති. නමුත් ඒ බව පිලි නොගන්න පරණ විතරණයන්ගේ දෙනෙතට සිගිරිය තුල යුග දෙකකට අයත් නෂ්ඨ වූ ශේෂයන් නොගටුනේ කිමදැයි කියානම් සිතාගත් නොහැක. කෙසේ වෙතත් ඒ සියල්ලන් ගෙන්ම අපගේ හෙලයාගේ අභිත නිර්මාණශීලි චින්තනය කෙතරම් ප්‍රබලද නම් යන්න වටහා ගැනීමට ඕනෑ තරම් ප්‍රමානවත්වේ.
අවසනාවක මහත නම් අද ඒ සියල්ල දරුණු ලෙස කණපිට හරි ඇත. ලෝකයටම බත් දුන් හෙළයා පිටරටින් අහර එනතුරු දත නියවමින් සිටියි, නිර්මාණශිලිත්වය තුට්ටු දෙකට ගොස් චීන ටෝයිස් රජවී ඇත. පාලකයින් රටම විකුණමින් ඇත. විශ්මජනක නිර්මාණශීලි චින්තනයකින් හෙබිව සිට සුද්දාගේ අනසකට යටත්ව සිට පසුව උන් දමගිය කළු සුද්දන් පෝෂණය කරමින් උන්ගෙන් බැටකමින් වසර 70ක කයක් තිස්සේ ජරා ජීර්ණ වන රටක වැසියන් හට,සුද්දා මළපහ කොට කොළයෙන් පිසිමටත් පුරාතනයේ සිට ගලින් වැඩදමා සැකසු තැනක ක්‍රියාව කොට බහිස්ශ්රාවයද ක්‍රමවත්ව පිරිපහදු කොට පසට මුදාහල ජාතියක් බව පසක්කර දීමට කාලය පැමිණ ඇත.
එන්න චින්තනය අවදිකරමු!
ලෝකය දිනමු!!
ලක්මව බබළවමු!!!
කුමක්ද මේ චින්තන ශක්තිය?
අප එයට ව්‍යවසායකත්වය යැයි අමතමු.
එය එසේ නම් ව්‍යවසායකත්වය යනු කුමක්ද?
ව්‍යවසායකත්වය යනු මනොභාවයයි, පුද්ගල හෝ සමාජීය ගැටළුවක් හෝ අවස්ථාවක් වෙනුවෙන් සිතට නැගෙන්නාවූ සිතුවිල්ල ක්‍රියාවලියකට පත් කරන්නාවූ මනොභාවයයි.
ව්‍යවසායකයා සෑම විටම වෙනසක් සොයයි , එයට ප්‍රතිචාර දැක්වීම සහ එය තමාට අභියෝගයන් අවස්ථාවක් ලෙස සලකයි.
ඔබ දෙමාපියෙක්,භාර්යාවක්,ස්වාමිපුරුෂක්, සිසුවෙක්, ගුරුවයෙක්, ආගමික නායකයෙක්,,ගොවියෙක්, කළමනාකරුවෙක්, ව්‍යාපාර හිමිකරුවෙක්, කම්කරුවෙක්,, ආදී එකී නොකී කවරෙකුට උවද ඔබට ව්‍යවසායකයෙකු බවට පත්විය හැකිය. ව්‍යවසාය අරුමයක් බව නොසලකන්න. මන්දයත් එය ඔබේ ඇට මිදුළු තුලට කිදා ඇත. එය හදුනාගෙන ජිවිතයට එක කරගන්න
ව්‍යවසාය ඔබගේ ජිවන රටාව කර ගන්න.
ඔව් එය ඔබට කල හැකියි!!!
දිනෙක ඔබ
දිනනවා දිනනවා දිනනවා ඒකාන්තයි!!!
Subscribe to:
Comments (Atom)
ggggg
MADHURI DIXIT IS IN LOVE WITH MANIKE MAGE HITHE
MADHURI DIXIT IS IN LOVE WITH MANIKE MAGE HITHE Madhuri Dixit is in love with Manike Mage Hithe and this video is proof. “Coz I love this...


No comments:
Post a Comment